Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බුර්කාව තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවට අත්සන් කළා, මද්‍රසා පාසල් තහනම් කිරීමට පියවර ගන්නවා -සරත් වීරසේකර

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 33 කට මිනීමැරුම් චෝදනා යටතේ නඩු !

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 33 කට මිනීමැරුම් චෝදනා යටතේ නඩු !

බුර්කාව තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට තමා (12) අත්සන් තැබු බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.
කළුතර මුණසිංහ ආරාමයේ දී (13) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

බුර්කාව ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව කී ඇමතිවරයා මෙරට ඇති දහසකට වැඩි මද්‍රසා පාසල් තහනම් කිරීමට ද ඉදිරියේ දී පියවර ගන්නා බව කීවේය.

අන්තවාදයට හේතුවන ආකාරයේ ප්‍රකාශයක් කර ඇති හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතාට එරෙහිවද නීතිමය පියවර ගන්නා බව ඇමතිවරයා පැවසීය.

Exit mobile version