Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කැලණි ගඟ වනසන මහා පරිමාන කර්මාන්ත ශාලා 41ක්; දැඩි බලපෑම් එල්ල කරන 17ක්

කැලණි ගඟ වනසන මහා පරිමාන කර්මාන්ත ශාලා 41ක්; දැඩි බලපෑම් එල්ල කරන කර්මාන්ත ශාලා 17ක්

කැලණි ගඟ වනසන මහා පරිමාන කර්මාන්ත ශාලා 41ක්; දැඩි බලපෑම් එල්ල කරන කර්මාන්ත ශාලා 17ක්

කැලණි ගඟේ ජලය දූෂණය කරන පරිසර බලපත්‍ර නොමැති කර්මාන්ත ශාලා 41ක් ඇති බවත් එම ගඟ ආශ්‍රිත ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල කරන අවදානම් සහිත කර්මාන්ත ශාලා 17ක් ඇති බවත්, විගණන වාර්තාවකින් හෙළිවී ඇත.

අවදානම් සහිත කර්මාන්ත ශාලා යනුවෙන් හඳුන්වා ඇත්තේ විෂ රසායනික ද්‍රව්‍ය අප ජලය වශයෙන් මුදා හරින කර්මාන්ත ශාලා වන අතර, එම අපද්‍රව්‍ය මුදා හරින ජලය සහ ගොඩබිම් ප්‍රදේශවලද විනාශකාාරී ප්‍රතිවිපාක අතකර දෙන බව හෙලිකර තිබේ. කැලණි ගඟ ආශ්‍රිතව පවත්වාගෙන යන කර්මාන්ත ශාලා ඒ සහ බී යනුවෙන් කාණ්ඩ කර ඇත. මෙම කාණ්ඩ දෙකටම අයත් කර්මාන්ත ශාලා 294ක් පවතින අතර, එයින් කර්මාන්ත ශාලා 41ක් අවශ්‍ය පාරිසරික ආරක්ෂණ බලපත්‍ර පවා ලබාගෙන නොමැත.

විවිධ ගැටලු හේතු කරගෙන කර්මාන්ත ශාලා 205ක් සඳහා ලබාදී තිබූ පාරිසරික බලපත්‍ර අත්හිටුවා තිබියදී ඒවා ක්‍රියාත්මක කරමින් පැවතීම පිළිබඳවද එම විගණනය මගින් හෙළිකර තිබේ. මෙයට පෙර අවස්ථා ගණනාවකදී පාරිසරික සංවිධාන විසින් එම ගඟේ ජලය පිළිබඳව රස පරීක්ෂක වාර්තා ලබාගෙන තිබෙන අතර මෙම ජලයේ අසූචි මිශ්‍රවී ඇති බවද හඳුනාගෙන තිබුණි.

Exit mobile version