Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

STF දෛනික කටයුතු අවුල් – වැඩක් නැති ජ්‍යෙ. පොලිස් අධිකාරිවරුන් හේතුව වේ

රු.3,28,40,000ක මුදලක් හා ග්‍රැම් 150ක රන් භාණ්ඩ සමග බුද්ධි නිලධාරියෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට

රු.3,28,40,000ක මුදලක් හා ග්‍රැම් 150ක රන් භාණ්ඩ සමග බුද්ධි නිලධාරියෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට

නිසි රාජකාරියක් නොපැවරුණු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දැරිය නොහැකි තරම් පිරිසක් අනුයුක්තව සිටීම හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ දෛනික රාජකාරි කටයුතු අවුල්සහගත තත්ත්වයකට පත්ව ඇතැයි වාර්තා වෙයි. විශේෂ කාර්ය බළකායේ දෛනික රාජකාරි ආවරණය සඳහා ප්‍රමාණවත් වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ගණන 8 දෙනකු වූව ද මේ වන විට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 18 දෙනකු බළකායට අනුයුක්තව සේවය කිරීම හේතුවෙන් මේ ගැටලුකාරි තත්ත්වය උද්ගත වී තිබේ.

විශේෂ කාර්ය බළකායේ රාජකාරි පිළිබඳ හෝ පහළ නිලධාරීන්ගේ සුබසාධනය වෙනුවෙන් බළකාය ගන්නා කිසිදු තීරණයක් පිළිබඳ අවබෝධයක් හෝ නිසි දැක්මක් නැති මේ නිලධාරීන් රාජකාරි ජ්‍යෙෂ්ඨත්වය මත පමණක් පදනම් වෙමින් තනතුරු රැක ගැනීම වෙනුවෙන් ඉහළ නිලධාරීන්ට කේලම් කීම සහ පහළ නිලධාරීන්ට පීඩා කිරීම සිය දෛනික රාජකාරියේ අනිවාර්ය අංග බවට පත් කරගෙන සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට ගතුකීම මෙන්ම නිලධාරීන් අතර නොහොඳ නෝක්කාඩු ඇති කිරීමෙන් බළකායේ ක්‍රියාකාරිත්වය අකර්මණ්‍ය කිරීමට බළකා අභ්‍යන්තරයේ මේ වන විට කිසියම් සැලැසුම්සහගත කුමන්ත්‍රණයක් දියත් වන බවත්, ඒ පිටුපස සිටින්නේ ද මේ නිලධාරින් දැයි සැකයක් මතු වන බවත් ඒ ආරංචිමාර්ග සැල කර සිටියි.

– Dinamina

Exit mobile version