Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොරොන්දු වූ අයුරින් මුතුරාජවෙල පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට පියවර නොගැනීම – කාදිනල් හිමි ආණ්ඩුවට අප්‍රසාදය

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව, රජය, ජනාධිපතිතුමා බැඳී සිටිනවා

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව, රජය, ජනාධිපතිතුමා බැඳී සිටිනවා

පොරොන්දු වූ අයුරින් මුතුරාජවෙල පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ආණ්ඩුවට සිය අප්‍රසාදය පල කරයි.

නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ සඳහන් කරන්නේ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහගේ සහභාගිත්වයෙන් ජනවාරි මස 21 වැනි දින අගරදගුරු නිවසේදී පැවති සාකච්ඡාවේදී මුතුරාජවෙල කිසිදු ව්‍යාපෘතියක් හෝ විනාශකාරී ක්‍රියාවක් සිදු නොකරන බවට පොරොන්දු වූ බවයි.

එහෙත් ලබා දුන් පොරොන්දු හිතාමතාම කඩ කරමින් මුතුරාජවෙල හා ඒ ආශ්‍රිත ගම්මාන නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගන්නා බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇති බවද අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

එබැවින් දැනටත් පෞද්ගලික ආයතනයක් විසින් හිතුවක්කාර ලෙස මේ ප්‍රදේශය තමන් සතු වන බවට දන්වා ඇති පුවරු ඉවත් කර මුතුරාජවෙල ජාතික වනෝද්‍යානයේ නැවත වන ජීවී සංරක්ෂණ කලාපයක් ලෙස නම් කරන ලෙසද මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමන් සිය නිවේදනයෙන් ඉල්ලා සිටී.

Exit mobile version