Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අමනුෂ්‍ය දෝෂ: වේවැල් පහර කා මිය ගිය දැරිය අවසන් ගමන් යයි,දැරියගේ මවත් අත්අඩංගුව

අමනුෂ්‍ය දෝෂ: වේවැල් පහර කා මිය ගිය දැරිය අවසන් ගමන් යයි,දැරියගේ මවත් අත්අඩංගුව

අමනුෂ්‍ය දෝෂ: වේවැල් පහර කා මිය ගිය දැරිය අවසන් ගමන් යයි,දැරියගේ මවත් අත්අඩංගුව

මීගහවත්ත කඳුබොඩ ප්‍රදේශයේ නව හැවිරිදි දැරියකට සිහිසුන් වනතුරු වේවැලකින් පහර දී මරණයට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් මීගහවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අමනුස්ස දෝෂයකින් පෙළුණු බව කියන දැරියව ඇයගේ මව විසින් ප්‍රතිකාර සඳහා සැකකාර කාන්තාව වෙත රැගෙන ගොස් ඇති අතර ඇය තෙල් සාත්තුවක් කිරීමෙන් පසුව වේවැලකින් දැරියට සිහිසුන් වනතුරු පහරදී ඇති බව මූලික විමර්ශනයේ දී හෙළි වී තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

අනතුරුව දැරිය බියගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.මේ සම්බන්ධව අත්අඩංගුවට ගත් දැරියගේ මව හා කට්ටඩි කාන්තාව ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර ප්‍රධාන මහෙස්ත්‍රාත් ජී.ඒ.ආර්. ආටිගල මහත්මිය ඊයේ (01දා) නියම කළාය.

දෙල්ගොඩ, කඳුබොඩ ප්‍රදේශයේ පදිංචි කට්ට¾ඩි කාන්තාව වන ලාහිලා පාලිදා (අවු. 38) හා දැරියගේ මව වන පාතිමා රිෂ්තා (අවු.40) යන කාන්තාවන් දෙදෙනා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

දැරියගේ මළ සිරුර ඇයගේ උපන්ගම වන ගාල්ල කටුගොඩ පියාගේ නිවසට ගෙනැවිත් ඊයේ (01) රාත්‍රියේ කටුගොඩ පුංචි පල්ලිය දේවාස්ථාන සුසාන භූමියේ භූමදානය කරන ලදි.

-Photo : Galle times

Exit mobile version