Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කඩු 6,000ක් ගෙන්වීම ගැන කාදිනල් හිමිගේ පෙත්සම මාර්තු 5 කැඳවයි – පොලිස්පතිටත් ආරක්ෂක අංශ ප්‍රධානීටත් නොතිසි

කඩු 6,000ක් ගෙන්වීම ගැන කාදිනල් හිමිගේ පෙත්සම මාර්තු 5 කැඳවයි - පොලිස්පතිටත් ආරක්ෂක අංශ ප්‍රධානීටත් නොතිසි

කඩු 6,000ක් ගෙන්වීම ගැන කාදිනල් හිමිගේ පෙත්සම මාර්තු 5 කැඳවයි - පොලිස්පතිටත් ආරක්ෂක අංශ ප්‍රධානීටත් නොතිසි

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය ආශ්‍රිත කාල සීමාවේ කිසියම් පිරිසක් විසින් කඩු 6,000ක් පමණ මෙරටට ආනයනය කළැයි කියන සිද්ධිය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ආරක්ෂක අංශවලට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ගොනු කළ රිට් පෙත්සමක් මාර්තු මස 05 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

එදින එම සිද්ධිය සම්බන්ධයෙන් කර තිබෙන විමර්ශනවල තත්ත්වය පිළිබඳ පැහැදිලි කරන ලෙස දන්වමින් අභියාචනාධිකරණය විසින් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ඇතුළු අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ ආරක්ෂක අංශ ප්‍රධානීන් වෙත අභියාචනාධිකරණය විසින් නොතිසි නිකුත් කරනු ලැබීය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් එම නොතිසි නිකුත් කිරීම කර තිබේ.

පෙත්සම්කාර කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසු කිසියම් පිරිසක් මෙරටට කඩු 6,000ක් පමණ ආනයනය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පැවසීය.

Exit mobile version