Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විල්පත්තු ජාතික වනෝද්‍යානය පේරක කලාපය යළිත් වනසයි

විල්පත්තු ජාතික වනෝද්‍යානය පේරක කලාපය යළිත් වනසයි

විල්පත්තු ජාතික වනෝද්‍යානය පේරක කලාපය යළිත් වනසයි

කෝමාරිකා වගාව වෙනුවෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පෙරක කලාපය තව දුරටත් විනාශ කරමින් තිබේ.

පසුගිය වසරේද අප පෙන්වා දුන් පරිදි විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පෙරක කලාපය රාජාංගනය යාය 18 ගමිමානය අවසානයේ ඇති කෑලෑ මෙලෙස එළි කරන්නේ අවුරා ලංකා පුද්ගලික සමාගම විසිනි. නිතිවිරෝධි ලෙස පසුගිය වසර වනවිට ජාතික වනෝධ්‍යානයේ පෙරක කලාපය විනාශ කර වැවක්ද නිර්මාණය කර තිබිනි. එයට අමතරව අද වනවිට තවත්, ජාතික වනෝද්‍යානයේ පේරක කලාපය වන සංහාරයට ලක්කරමින් කෝමාරිකා වගාව වෙනුවෙන් එළිපෙහෙලි කරමින් ඇති අයුරු 19.02.2021 දින පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානයේ නිරික්ෂණ කණ්ඩායමකට නිරික්ෂණය වු අයුරු ඉහත ජායා රූපවල සටහන් කොට ඇත.

ජාතික වනෝද්‍යානයක පෙරක කලාපයක් වැනසීම වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනතට අනුව දඩුවමි ලැබිය හැකි වරදක් වුවත් දේශපාලකයන්ගේ සහය ඇතිව අදටත් විල්පත්තු ජාතික වනෝද්‍යානය වනසමින් සිටී.

පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්ගේ මුහුණුපොතෙන්…

Exit mobile version