කොව්ඩ් – 19 වයිරසය ආසාදිත මරණ භූමදානය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ තමන්ගේ අදහස බවත් ඒ සම්බන්ධයෙන් තීරණ ගත හැක්කේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් පමණක් බවත් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කැබිනට් මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීයකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මේ බව කීය.
“අගමැතිවරයා එතුමාගේ අභිලාෂය ප්‍රකාශ කළා. භූමදානයට ඉඩදෙන්නැයි එතුමාගේ කැමැත්ත ප්‍රකාශ කළා. නමුත් ජනපතිවරයාටවත්, අගමැතිවරයාටවත්, ඇමැති මණ්ඩලයටවත් මේකට හරි පිළිතුරක් දෙන්න බැහැ. මෙහි නිසි බලධරයා වන්නේ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයායි. ඔහුගේ තාක්ෂණික නිර්දේශය ගැසට් මගින් නිවේදනය කළ යුතුයි.