Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආක්‍රමණශීලී ශාක විශේෂ මෙරට වනාන්තර විනාශ කරමින් පැතිර යාමේ තත්ත්වයක් – රැකගැනීමට ජනතාවට ඇරයුමක්

කළපු අන්දර වැනි ආක්‍රමණශීලී ශාක විශේෂ මෙරට වනාන්තර විනාශ කරමින් පැතිර යාමේ තත්ත්වයක් -රැකගැනීමට ජනතාවට ඇරයුමක්

කළපු අන්දර වැනි ආක්‍රමණශීලී ශාක විශේෂ මෙරට වනාන්තර විනාශ කරමින් පැතිර යාමේ තත්ත්වයක් -රැකගැනීමට ජනතාවට ඇරයුමක්

කළපු අන්දර (Prosopis juliflora) වැනි ආක්‍රමණශීලී ශාක විශේෂ මෙරට වනාන්තර විනාශ කරමින් පැතිර යාමේ තත්ත්වයක් පවතී. මෙම තත්ත්වයනේ වානාන්තර පද්ධතිය ගලවා ගත යුතුව ඇත. පරිසර හිතකාමී පෞද්ගලික අංශය ඇතුළු ජනතාවගේ දායකත්වය මේ සදහා අපේක්‍ෂා කරන බව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

කළපු අන්දර වැනි ආක්‍රමණශීලී ශාක ගලවා ඉවත් කිරීම, ආක්‍රමණශීලී ශාකයේ සියළු ද්‍රව්‍ය එම ප්‍රදේශයෙන් ඉවතට රැගෙන යාම තුළින් මේ සදහා දායක විය හැකිය.

එසේම පරිසරයට ආදරය කරන පාර්ශවයන්ට එම භූමිය ශුද්ධ කර පැළයක් සිටුවා වසරක් රැක බලා ගත හැකි බවද වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

සිටුවීමට අවශ්‍ය පැළ දෙපාර්තමේන්තුව මගින් නොමිලේ සැපයේ.

මේ පිළිබඳ වැඩිවිස්තර දුරකථන අංක 0112 866 702 හෝ 071 8 111 738 ඔස්සේ ලබා ගත හැකිය.

Exit mobile version