Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

‘පාස්කු ප්‍රහාර වාර්තාව ගැන කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරලවත් නෑ තාම’ – ඇමති බන්දුල

නායකයන්ට ප්‍රසස්ති ගයන වන්දිබට්ටකම් කරන ආවතේවකම් කරන ‘අපේ ලොවට පායන හිරුද සඳුද ඔබය’ කියලා කියන වලල්ලක් ඉන්නවා – බන්දුල

නායකයන්ට ප්‍රසස්ති ගයන වන්දිබට්ටකම් කරන ආවතේවකම් කරන ‘අපේ ලොවට පායන හිරුද සඳුද ඔබය’ කියලා කියන වලල්ලක් ඉන්නවා – බන්දුල

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සකස් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳව මෙතෙක් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කර නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඔහු මේ අදහස් පළ කළේ, පාස්කු ප්‍රහාරය සහ මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

රජය පළිගැනීමේ චේතනාවෙන් කිසිවෙකුටත් නඩු පැවරීම් නොකරන බව ද අමාත්‍යවරයා පැවසීය.

“වෛර චේතනාවෙන් පළිගැනීම සඳහා නඩු පැවරීම් කරන්නෙ නැහැ. ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ කරලා පරීක්ෂණ වාර්තා ප්‍රථමයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට දීලා නීතිපති දෙපාර්තමේන්තුව විසින් තමයි ඒ සඳහා අවශ්‍ය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය නඩු පැවරීම් කටයුතු කරන්නෙ. දැන් පාස්කු ප්‍රහාරයේ වාර්තාව ලැබුණා විතරයි. ඒ පිළිබඳව තාම කැබිනට් මණ්ඩලයේ වත් සාකච්ඡා කරල නෑ. පසුව නීතිපතිවරයාට යොමු කරලා ඒ සඳහා ක්‍රියා කරනවා. ජනාධිපතිතුමාවත්, අග්‍රාමාත්‍යතුමාවත්, අපේ ආණ්ඩුවවත් නීතිය නමන්න, නීතියට ඇඟිලි ගහන්න, නීතියේ ආධිපත්‍යයට පරස් ආකාරයට ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්නෙ නෑ.”

-MB

Exit mobile version