Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ළමා අපයෝජන පැමිණිලි ඉහලට: වාහන පහසුකම් නොමැති වීම පරීක්ෂණ ප්‍රමාදයට හේතුවේ

ළමා අපයෝජන පැමිණිලි ඉහලට: හන පහසුකම් නොමැති වීම පරීක්ෂණ ප්‍රමාදයට හේතුවේ

ළමා අපයෝජන පැමිණිලි ඉහලට: හන පහසුකම් නොමැති වීම පරීක්ෂණ ප්‍රමාදයට හේතුවේ

ළමා අපයෝජන සම්බන්ධයෙන් පසුගිය වසරේදී ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 8,165ක් බව එම අධිකාරියේ උසස් නිලධාරියෙකු පැවසීය. එම පැමිණිලි අතරින් කෘරත්වයට ලක් වූ ළමුන්ගේ සංඛ්‍යාව 2,237කි.

ළමා අපයෝජන සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වන 1,134ක් ලැබී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. අනතුරුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් 944ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 628ක් සහ රත්නපුරයෙන් 454ක් පැමිණිලි ලැබී ඇත.

දැන ගන්නට ඇති අන්දමට මෙවැනි පැමිණිලි ක්ෂණිකව විභාග කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමෙන් පිහිටුවා ඇති ජාතික ළමාරක්ෂක ප්‍රාදේශීය කාර්යාලයීය නිලධාරීන්ට වාහන පහසුකම් නොමැති වීම එම පරීක්ෂණ ප්‍රමාද වීමට ප්‍රධාන හේතුවක් වී ඇත.

– MR

Exit mobile version