Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සුළු මත්ද්‍රව්‍ය චෝදනා එල්ලවූවන් බන්ධනාගාරගත කිරීම වෙනුවට පුනරුත්ථාපනයට

සුළු මත්ද්‍රව්‍ය චෝදනා එල්ලවූවන් බන්ධනාගාරගත කිරීම වෙනුවට පුනරුත්ථාපනයට

සුළු මත්ද්‍රව්‍ය චෝදනා එල්ලවූවන් බන්ධනාගාරගත කිරීම වෙනුවට පුනරුත්ථාපනයට

සුළු මත්ද්‍රව්‍ය චෝදනා එල්ලවී ඇති පුද්ගලයන් දීර්ඝකාලීනව සිරගත කිරීමට වෙනුවට පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අදාළ නීති ප්‍රතිසංස්කරණ කඩිනමින් හඳුන්වාදෙන බව ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න පවසනවා.

වැටලීම්වලදී ආරක්ෂක අංශ භාරයට ගන්නා මත්ද්‍රව්‍යවලින් අධිකරණ කටයුතු සඳහා සුළු ප්‍රමාණයක් තබාගනිමින් අනෙක් සියල්ල විනාශ කිරීමට පියවර ගන්නා බවත් එමඟින් අදාළ මත්ද්‍රව්‍ය තොග අයථා භාවිතය නතර වනු ඇතැයි ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙනවා.

ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ, නිට්ටඹුවේ ඉදිකල නව පුනුරුත්ථාපන මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ය.

මේ පිළිබඳව, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර ද කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අදහස් පළ කර තිබුණා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, අංශ තුනක් යටතේ තරුණ පරපුර මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම පාලනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සැලසුම් කිරීමට නියමිත බවයි.

මේ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කළ අමාත්‍යවරයා, “අපේ බාල පරපුර ඉතාම පැහැදිලි ලෙස මේ මත්කුඩු උවදුරට ගොඳුරු වෙනවා. කොටස් තුනකින් තමයි එය නැතිකරන්න බලාපොරොත්තු වෙන්නේ. එකක් තමයි භෞතිකව මේ රට තුළට එන මත්ද්‍රව්‍ය පුළුවන් තරම් අපි නතර කිරීමට බලනවා. අපි දන්නවා ඒවා නිෂ්පාදන වෙන්නේ බොහෝ දුරට ඇෆ්ගනිස්ථානයෙන්. ඒවා පකිස්තානය සහ ඉරානය හරහා තමයි එන්නේ. ඒ මුහුදු මාර්ග අපි දැනගෙන ඒ මුහුදු මාර්ගවලට නාවික හමුදා නෞකා ස්ථාපිතකරලා ඒවා භෞතිකව නතර කරනවා. දෙවෙනි එක තමයි ඉල්ලුම අඩුකරන්න ඕනේ. ඉල්ලුම අඩුකරන්න නම් පාසල්වල අපි කමිටු හදනවා හෙට අනිද්දා වෙනකොට. ඒ තුළින් ඒ ඇබ්බැහිවෙන්නන් සහ මත් උවදුරේ ඇති භයානක කම ගැන උපදේශනයක් දෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි මීට පස්සේ ඇබ්බැහිවෙන අය කවදාවත් අපි බන්ධනාගාර ගත කරන්නේ නැහැ. ඒ අයව පුනරුත්ථාපනය කරනවා.“ යනුවෙන් සඳහන් කළා.

Exit mobile version