Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දූෂණය බහුල රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාව පහළට

දූෂණය බහුල රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාව පහළට

දූෂණය බහුල රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාව පහළට

දූෂණය බහුල රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාව 94 වන ස්ථානයට පත්වී ඇත. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් (දූෂණ සංජානන දර්ශකය – 2020) ආයතනය විසින් 2020 වසරේ දී වඩාත් දූෂිත රටවල් ලැයිස්තුවක් නිකුත් කළේය.

සමීක්ෂණයට ලක් කළ රටවල් 180 න් ලකුණු 38/100 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව 94 වන ස්ථානයට පත්ව ඇත.ඩෙන්මාර්කය සහ නවසීලන්තය දූෂණය ඉතාමත් අවම රටවල් ලෙස ලකුණු 88 බැගින් ලබාගෙන පළමු තැන හිමි කරගෙන ඇත.

මේ අතර සිරියාව, සෝමාලියාව සහ දකුණු සුඩානය පිළිවෙලින් ලකුණු 14, 12 සහ 12 ක් ලබා ගනිමින් අවසන් ස්ථානයට පත්වී ඇත.
පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ලකුණු ස්ථාවර මට්ටමක පැවතුනද, එය 2018 දී 89 වන ස්ථානයේ සිට මේ වසරේ සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.

Exit mobile version