Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රේගු නිලධාරීන්ට නැගෙන දොෂාරෝපණවලට ඉහළ නිලධාරීන්ගෙන් ඍජු ප්‍රතිචාර

රේගු දඩ නොගෙවා අධිකරණයට යාම නිසා කෝටි 6300ක් රජයට අහිමි - රේගු දෙපාර්තමේන්තුව

රේගු දඩ නොගෙවා අධිකරණයට යාම නිසා කෝටි 6300ක් රජයට අහිමි - රේගු දෙපාර්තමේන්තුව

රේගු දෙපාර්තමේන්තුවේ දූෂණ සහ අක්‍රමිකතා වැළැක්වීමට බව කියමින් විශ්‍රාමික හමුදා නිලධාරියෙකු රේගු අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් පත්කර සිටියදී ජනාධිපතිවරයා විසින් රේගු නිලධාරීන්ට දොෂාරෝපණය එල්ල කිරීම පිළිබඳව එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ඍජු ප්‍රතිචාර දක්වා තිබේ.

ජනාධිපතිවරයා වලල්ලාවිට පැවැති ජනහමුවකදී රේගුවේ නිලධාරීන් ඉවත්කර හෝ එය ශුද්ධ කරන බව ප්‍රකාශ කර තිබිණි. එහෙත් රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරනුයේ පසුගිය වසරේදී එම දෙපාර්තමේන්තුවේ ඉලක්ක ඉතා ඉහළින්ම සපුරා රජයට වැඩිම ආදායම් ප්‍රමාණයක් උපයාදී ඇති බවය. 2020 වසරේදී එය රුපියල් කෝටි 64100ක් බව හෙළිකර තිබේ.

මෙසේ තිබියදී රේගුවට එරෙහිව අභූත චෝදනා නගන වැඩිදෙනා කූඨ ජාවාරම්කාර පැලැන්තියේ නියෝජිතයින් වන බවද රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය චෝදනා කර තිබේ. රේගුවට එරෙහිව මෙම ජාවාරම්කරුවන් අසත්‍ය ප්‍රචාර සමාජ ගත කරමින් සිටින්නේ යැයි පසුගිය 26 වැනිදා රේගු මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔවුන් විසින් අවධාරණය කර තිබේ.

Exit mobile version