Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්තවේ

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා

ජන සන්නිවේදන අංශයේ ප්‍රවීනයෙකු ලෙස හැඳින්වෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. ඒ මහතා මියයන විට 98 හැවිරිදි වියේ පසුවිය.

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයෙකු, මාධ්‍යවේදියෙකු, පරිසරවේදියෙකු, ගුරුවරයෙකු මෙන්ම වියතෙකු ලෙස ද සැලකෙන ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙක විශිෂ්ඨ ලෙස හැසිරවීමෙහි දක්ෂතා දක්වනු ලැබිය.

ජනතා සම්මාන, මාධ්‍ය සම්මාන, ජාතික සම්මාන ඇතුළු සම්මාන 300කට වැඩි ප්‍රමාණයක් හිමිකර ගත් ඒ මහතා විවිධ රාජ්‍ය ආයතනවල උසස් තනතුරු ද හොබවා තිබේ.

Exit mobile version