Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කඳුකරයේ ඊයේ අලුයම වාර්තා වූ භූ කම්පනය

ඇකිරියට 5වැනි වරටත් භූ කම්පනයක්

ඇකිරියට යලිත් භූකම්පනයක්

මඩොල්සිමා පොලිස් වසමට අයත් වියලුව, ඇකිරිය ගම්මානයේ ස්ථාන කීපයක ඊයේ (22) අලුයම 3.30 ත් 4.00 ත් අතර භූ කම්පන තුනක් සිදුවූ බව ඇකිරිය ගම්වාසීහු පිරිසක් පැවැසූහ.

අලුයම 3.30, 3.38 ට හා අලුයම 3.56 ට මෙම භූ කම්පන සිදුවූ බවත් මහ හඬක් නංවමින් හා පොළව දෙදරුම්කමින් තත්පර තුන හතරක පමණ කෙටි කලක් මෙම භූ කම්පන පැවති බවත් ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියැදුරෙකු වන ප්‍රියන්ත දිසානායක මහතා පැවැසීය.

භූ කම්පනයත් සමගම ඇතැම් නිවාසවල වහල සෙලවී ගිය බවත් ඇතැම් ප්‍රදේශවලට විශාල හඩක් දැනුනු බවත් ඇකිරිය ප්‍රදේශයේ හේන් යායවල ගොවීහු පිරිසක්ද කියා සිටියහ. කෙසේ වෙතත් මෙම භු කම්පනවලින් කිසිදු ජීවිත හෝ දේපල හාණියක් සිදුව නොමැත.

මෙම භූකම්පනය පල්ලේකැලේ සහ හක්මන භූ කම්පන මානවල සටහන්ව ඇති අතර නුවරඑළිය, වලපනේ ප්‍රදේශයේ ද මෙම භූ කම්පනය දැනී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

Exit mobile version