Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලේ මහා පරිමාණ දුෂණයක්; මිලි. 673ක පාඩුවක්; කෝප් කමිටුව අනාවරණය කරයි

මහපොළට කෝටි 164 ක පාඩුවක් - භාරකාර මණ්ඩලය ගත් වැරදි තීරණ හැතුවේ

මහපොළට කෝටි 164 ක පාඩුවක් - භාරකාර මණ්ඩලය ගත් වැරදි තීරණ හැතුවේ

මාර්ගගත ලොතරැයියකින් මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට රුපියල් මිලියන 673ක් අහිමි වී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය.

මහපොළ භාරකාර අරමුදලේ මාර්ගගත (Online) ලොතරැයියක් වෙනත් අතරමැදියෙකු හරහා අලෙවිකිරීමෙන් අනතුරුව එම පුද්ගලයා එමගින් උපයාගත් රුපියල් මිලියන 673ක මුදල මහපොළ භාරකාර අරමුදල වෙත නැවත ලබාදී නොමැති බව අනාවරණය වී තිබේ.

මෙය මහා පරිමාණ දුෂණයක් බවත් මේ කාරණාව සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විධිමත් පරීක්ෂණයක් සඳහා යොමුකරන ලෙසට වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ. එම්. භද්‍රානි ජයවර්ධන මහත්මිය හට කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා දැනුම් දුනි.

Exit mobile version