Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් අනුව තවදුරටත් ඕස්ට්‍රේලියාව මුල් තැනට

ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් අනුව තවදුරටත් ඕස්ට්‍රේලියාව මුල් තැනට

ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් අනුව තවදුරටත් ඕස්ට්‍රේලියාව මුල් තැනට

දෙසැම්බර් 30 වන දින ICC නිකුත් කළ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලින් ඕස්ට්‍රේලියාව 76.6 ක ප්‍රතිශතයක් සමග ලකුණු 322 ක් ලබා ගනිමින් පළමු තැනේම රැදී සිටියි.

ඕස්ට්‍රේලියාව, බොක්සිං ඩේ ටෙස්ට් තරඟයෙන් පරාජය වූ අතර ඉන්දියාවත් සමග පැවති තරඟයේ තරඟය ප්‍රමාද කිරීම නිසා දඩ නියම වුවද ඕස්ට්‍රේලියාව තවදුරටත් පළමු තැන ආරක්ෂා කර ගැනීමට සමත් වී ඇත.

ඉන්දියාව ලකුණු 390 ක් සමග 72.2 ක ප්‍රතිශතයක් ලබාගෙන දෙවන තැන ලබා ගෙන ඇත. මෙල්බර්න් හි පැවති ටෙස්ට් තරඟය ජය ගැනීමත් සමග ඉන්දියාව දෙවන තැන ලබා ගෙන ඇත. මේ සමග 2021 පැවැත්වීමට නියමිත ICC ලෝක ටෙස්ට් චැමිපියන්ෂිප් අවසන් තරඟයට සහභාගී වීමට ඉන්දියාව සමත් වී ඇත.

පාකිස්ථානයට එරෙහි තරඟයෙන් ලකුණු 101 ක වෙනසකින් ජය ලැබූ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ලකුණු 360 ක් ලබාගෙන තෙවන තැනට පත්වි ඇත. ලකුණු 292 ක් සමග එංගලන්තය සිව්වන තැනද ලකුණු 166 ක් සමග පාකිස්ථානය පස්වන තැනද ලබාගෙන ඇත. ශ්‍රේණිගත කිරීම්වලන් ඉන්පසුව පිළිවෙළින් දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්වන් සහ බංගලදේශ ක්‍රිකට් කණ්ඩායම් ලකුණු ලබාගෙන ඇත.

Exit mobile version