Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මඩකළපු දිස්ත්‍රික් ධීවර දෙපාර්තුමේන්තුවේ ගොඩනැගිල්ලක ගින්නක්!

මඩකළපු දිස්ත්‍රික් ධීවර දෙපාර්තුමේන්තුවේ ගොඩනැගිල්ලක ගින්නක්!

මඩකළපු දිස්ත්‍රික් ධීවර දෙපාර්තුමේන්තුවේ ගොඩනැගිල්ලක ගින්නක්!

ධීවර දෙපාර්තුමේන්තුවේ මඩකළපු දිස්ත්‍රික් කාර්යාල ගොඩනැගිල්ලේ 20 වන දින ඉරිදා සවස හටගත් දැවැන්ත ගින්නකින් ගොඩනැගිල්ලේ එක් ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම දැවී විනාශ වී තිබේ. එම ගොඩනැගිල්ල ධීවර දෙපාර්තමේන්තුවට අයත් අයිස් කර්මාන්තශාලාවේ කොටසකි.

මඩකළපු මහනගර සභාවේ ගිනි නිවන හමුදාව ගින්න මැඩපැවැත්වීම සඳහා විශාල උත්සාහයක නිරත වී ඇත.

පොලීසිය සහ හමුදාව එම ස්ථානයට පැමිණ විමර්ශන කටයුතු සිදු කළහ. නගරාධිපති ශ්‍රී සරවනබවන්, නාගරික කොමසාරිස් එච්. දයාබරන් ඇතුළු නිලධාරීන් ද අදාළ ගිනිගත් ස්ථානයට පැමිණ සිටියහ.

මඩකළපු මූලස්ථාන පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.

මෑතකදී කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ද විශාල ගින්නක් පැතිරී දැඩි ප්‍රයත්නයකින් පසු නිවා දැමූ බව සඳහන් කළ යුතුය.

-ibctamil

Exit mobile version