මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන සේවක සේවිකාවන් 600කට වැඩි පිරිසකට වහාම ක්‍රියාත්මක වන ලෙස ස්ථාන මාරු ලබා දී ඇත. අල්ලස් සම්බන්ධයෙන් ජනතාවගෙන් ලැබුණු පැමිණිළි සැලකිල්ලට ගනිමින් වහාම ක්‍රියාත්මක වනපරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පැවසුවේ නිලධාරීන් 600කට අධික පිරිසකට එලෙස ස්ථාන මාරුවීම් ලබාදෙන බවය.
ලබන වසරේ ජනවාරි 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව සඳහන් වේ.
විෂය භාර අමාත්‍යවරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පැවසුවේය.