Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රේෂ්ඨාධිකරණ ගින්න, විමර්ශනයට CID කණ්ඩායම් 03ක්, ලිපි ලේඛනවලට හානියක් නෑ

ශ්‍රේෂ්ඨාධිකරණ ගින්න

ශ්‍රේෂ්ඨාධිකරණ ගින්න

කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිටි අබලි භාණ්ඩ ගබඩාවේ ඊයේ (15) සවස ඇති වූ හදිසි ගින්න මැඬපැවැත්වීමට ආරක්ෂක අංශවලට හැකි විය.

මෙම ගින්න හේතුවෙන් අධිකරණ සංකීර්ණයේ කාර්යාලයකට හෝ ලිපිගොනුවකට කිසිදු හානියක් සිදු වී නැති බව අධිකරණ අමාත්‍යාංශ ලේකම් එම් එම් පී කේ මායාදුන්න මහතා පවසා ඇත. මෙම අබලි භාණ්ඩ ගබඩාව ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටි ප්‍රධාන ගොඩනැගිල්ලට පිටතින් පිහිටි ගොඩනැගිල්ලේ බිම් මහලේ පිහිටා ඇති බැවින් අබලි භාණ්ඩ ගබඩාවට පමණක් ගින්නෙන් හානි සිදුව ඇති බව ලේකම්වරයා පවසා ඇත.

ගින්නට හේතුව තවමත් අනාවරණය වී නොමැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගින්න සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීමට භාරදී ඇත.

මේ අතර, කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ ගබඩාවක් තුල හදිසියේ ගින්නක් ඇතිවීමේ සිදුවීම විමර්ශනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් 03ක් යෙදවීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසා ඇත.

Exit mobile version