Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අනවසරයෙන් ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

අනවසරයෙන් ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවරයින්

අනවසරයෙන් ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවරයින්

මෙරට මුහුදු සීමාව තුළ අනවසරයෙන් ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව දිවයිනේ මුහුදු ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා පහක් (05), ඉන්දීය ජාතිකයින් 36 ක් සහ ධීවර ආම්පන්න ඊයේ (15) නාවික හමුදා භාරයට ගෙන ඇත

විදෙස් ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන ධීවර කටයුතු වැටලීමේ මෙහෙයුම්, කොවිඩ් -19 වසංගතයේ බලපෑම හේතුවෙන් මෙම වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා සීමා වී තිබුනත්, දිගින් දිගටම විදෙස් ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන්, දේශිය ධිවර ප්‍රජාවට සිදු වන බලපෑම සැලකිල්ලට ගනිමින් සහ මෙරට මත්ස්‍ය සම්පත රැක ගැනීමේ අරමුණින්, විදෙස් ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව තුළ සිදු කරන ධීවර කටයුතු වැටලීමේ මෙහෙයුම් නාවික හමුදාව නැවත ආරම්භ කෙරිණි.

තවද, ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සහ නීති විරෝධී ක්‍රියා මැඩපවත්වා සාගරික සම්පත් ආරක්‍ෂා කිරීම සඳහා නාවික හමුදාව ඉදිරියටත් මෙවැනි මෙහෙයුම් සිදු කරනු ලබයි.

Exit mobile version