Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මිලියන 8ක් වටිනා මත්ද්‍රව්‍ය මධ්‍යම තැපැල් හුවමාරුවේ

රු. එක්කෝටි 28 ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය මධ්‍යම තැපැල් හුවමාරුවේදී කොටුවෙයි

රු. එක්කෝටි 28 ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය මධ්‍යම තැපැල් හුවමාරුවේදී කොටුවෙයි

විදෙස් රටවල සිට මෙරටට එවන ලද රුපියල් ලක්ෂ 80 කට අධික වටිනාකමින් යුත් කුෂ් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී රේගු භාරයට ගෙන තිබේ.

පාර්සල් 4 ක තිබී සොයාගෙන ඇති මෙම මත්ද්‍රව්‍ය එංගලන්තය, අමෙරිකාව සහ නෙදර්ලන්තය යන රටවලින් එවා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධිකාරී සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය.

කොළඹ, නාවල, වාද්දුව සහ අහංගම යන ප්‍රදේශවල ලිපිනයන් 4 කට අදාළ මත්ද්‍රව්‍ය, එවා තිබූ අතර එම පාර්සල් තුළ තිබී කුෂ් ග්‍රෑම් 500 ක් සහ කොකේන් ග්‍රෑම් 80 ක් සොයාගෙන තිබේ.

අදාළ මත්ද්‍රව්‍ය එවා ඇති ලිපිනයන්වල සත්‍යතාවය තහවුරු කර ගනිමින් මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය.

මේ අතර අද අලුයම 4 ට පමණ කල්පිටිය පොලිස් වසමේ මණ්ඩකුඩාව ප්‍රදේශයේ දී කල්පිටිය පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමේ දී ගංජා කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 510ක් සොයා ගෙන තිබේ.

මෝටර් රථයේ රියදුරු අසුනට යාබද ඉදිරි පස අසුනේ සුක්ෂමව සඟවා තිබිය දී ගංජා තොගය සොයා ගෙන ඇත.

ඒ සමග වයස අවුරුදු 30ක් වු තන්හීර්කුඩා, ඒත්තාලය, කල්පිටිය ප්‍රදේශයේ පදිංචි අයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version