Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ධනංජය ද සිල්වාගේ පියාගේ ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට

ධනංජය ද සිල්වාගේ පියාගේ ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට

ධනංජය ද සිල්වාගේ පියාගේ ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා ගේ පියා වන රංජන් ද සිල්වා මහතාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ධර්මසිරි පෙරේරා නැමැත්තා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ පසුගිය 29 වන දා ජාත්‍යන්තර පොලිසියේ සහය ඇතිව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවය.

මෙම තැනැත්තාට එරෙහිව තවත් අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා පවතින අතර සැකකරු ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් අධිකරණය මගින් වරෙන්තුවක්ද ලබාගෙන තිබු අතර පසුව එය පාදක කර ගනිමින් ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසිය මගින් රතු වරෙන්තුවක් ද ලබාගෙන තිබිණි.

Exit mobile version