Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලොව වැඩිම මිලකට අලෙවි වූ පරවියා, රුපියල් කෝටි 35.2ක මුදලකට වෙන්දේසි වේ

New Kim නමැති පරවියා යුරෝ මිලියන 1.6ක මුදලකට වෙන්දේසි වේ

New Kim නමැති පරවියා යුරෝ මිලියන 1.6ක මුදලකට වෙන්දේසි වේ

බෙල්ජියමේ පරවියෙකු ලෝකයේ වැඩිම මුදලකට අලෙවි වූ පරවියා ලෙස නව වාර්තාවක් තැබීමට සමත්ව තිබේ.බෙල්ජියමේ පියාසර තරගවලට ඉදිරිපත් කෙරෙන New Kim නමැති එම පරවියා යුරෝ මිලියන 1.6ක(රුපියල් කෝටි 35.2ක) මුදලකට වෙන්දේසි වී ඇත.

වසර 2ක් වයසැති පරවි ධේනුවක වන එම පක්ෂියා වෙනුවෙන් මූලිකව නියම වූ මිල යුරෝ 200ක් පමණි. එහෙත්, චීන ජාතිකයෙකු එම පරවියා යුරෝ මිලියන 1.6ක මුදලකට මිල දී ගැනීමෙන් පසු මෙය වාර්තාවක් බවට පත්විය.

මෙම පරවියා හදාවඩා ගත් කර්ට් වෑන් ඩි වූවර් නමැත්තා පවසා ඇත්තේ, සිය පරවියාට නියම වූ මිල අසා විස්මයට පත්වූ බවය.

මීට පෙර වැඩි ම මිලකට අලෙවි වූ පරවියා වූයේ, Armando නමැත්තෙකි. Lewis Hamilton of pigeons නමැති සුරතල් නාමයෙන් ද හැඳින්වූ එම පරවියා පසුගිය වසරේදී යුරෝ මිලියන 1.25කට අලෙවි විය.

Exit mobile version