Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශිෂ්‍යත්ව විභාගයෙන් ජයග්‍රහණය කළ, මව අහිමි වූ විශේෂ අවශ්‍යතා ඇති සිසුවා!

ශිෂ්‍යත්ව විභාගයෙන් ජයග්‍රහණය කළ, මව අහිමි වූ විශේෂ අවශ්‍යතා ඇති සිසුවා!

ශිෂ්‍යත්ව විභාගයෙන් ජයග්‍රහණය කළ, මව අහිමි වූ විශේෂ අවශ්‍යතා ඇති සිසුවා!

මෙවර නිකුත් වූ 5 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව කින්නියා අධ්‍යාපන කලාපයට අයත් පාසලක අධ්‍යාපනය හදාරන විශේෂ අවශ්‍යතා ඇති ශිෂ්‍යයෙකු, වාර්තාවක් තබා ඇත.

මුහම්මද් සමීර් මුහම්මද් උසාමා යන මෙම සිසුවා ලකුණු 158ක් ලබා ගෙන තමාට සහ තම පාසලට ගෞරවයක් හිමි කර දී තිබේ.

පාසලේ විදුහල්පතිගේ හා ගුරු මණ්ඩලයේ නිසි මඟපෙන්වීම ශිෂ්‍යයාගේ ප්‍රතිඵලයට මූලික හේතුවක් වී ඇත.

කුඩා කලම තම මව අහිමි කරගත් මෙම දරුවා, අධ්‍යාපනය ලැබීම සඳහා, ත්‍රිරෝද පුටුවක තම නිවසේ සිට මීටර් 300ක් පමණ දුරින් ඇති පාසලට, මෙම දරුවාව රැක බලාගත් මව විසින් රැගෙන යාම ද මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි.

විශේෂ අවශ්‍යතා පන්තියක අධ්‍යාපනය ලබා ගෙන සිටි මුහම්මද් උසාමා තව දුරටත් පැවසුවේ, විශේෂ අවශ්‍යතා ඇතිවීම හෝ දිළිඳුකම අධ්‍යාපනයට බාධාවක් නොවන බවත්, අනාගතයේදී හොඳ වෛද්‍යවරයෙකු වීම තම අධිෂ්ඨානය බවත්ය.

Exit mobile version