Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොරෝනා නිසා සංචාරක කර්මාන්තය 63.1% කින් පල්ලම් බසී

කොරෝනා නිසා සංචාරක කර්මාන්තය 63.1% කින් පල්ලම් බසී

කොරෝනා නිසා සංචාරක කර්මාන්තය 63.1% කින් පල්ලම් බසී

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මුල් මාස නවයේ සංචාරක ඉපැයීම් 63.1% කින් පහළ වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තා හෙළිකරයි.

ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරට සංචාරක කර්මාන්තය උපයාගෙන ඇති මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 205ක් වන අතර එම වසරේ මුල් මාස නවයේදී උපයාගෙන ඇති සංචාරක ආදායම ඇමෙරිකා ඩොලර් මිලියන 2,594කි. මේ වසරේ සැප්තැම්බර් මාසයේදී කිසිදු සංචාරක ආදායම් නොලැබී ඇති අතර මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ලැබී ඇති සංචාරක ආදායම ඇමෙරිකා ඩොලර් මිලියන 956ක් බව මහ බැංකුව පවසයි.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසය දක්වා මුල් මාස නවයේදී මෙරටට පැමිණි සංචාරකයන්ගේ ගණන 1,376,312ක් වන අතර මේ වසරේ මේ දක්වා කාලයේදී මෙරටට පැමිණි සංචාරකයන්ගේ ගණන 507,311කි. එය ද වසරේ මුල් මාස තුනේ පැවැති සංචාරකයන්ය. කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වයිරසය ගෝලීය වසංගතය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම් පහළ වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

Exit mobile version