Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මුම්බායි ඉන්දියන්ස් 05වන වරටත් IPL කිරුළ හිමිකර ගනී

මුම්බායි ඉන්දියන්ස් 05වන වරටත් IPL කිරුළ හිමිකර ගැනී

මුම්බායි ඉන්දියන්ස් 05වන වරටත් IPL කිරුළ හිමිකර ගැනී

05 වන වතාවටත් IPL කුසලානය හිමිකර ගැනීමට Mumbai Indians කණ්ඩායම සමත් විය.

මුම්බායි ඉන්දියන්ස් 05වන වරටත් IPL කිරුළ හිමිකර ගැනී

ඒ ඊයේ(10) පැවති අවසන් තරඟයේ Delhi Capitals කණ්ඩායම පරාජයට පත් කරමින්ය.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් දිල්ලි කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ දිල්ලි කණ්ඩායමට කඩුළු 06ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 156ක් පමණයි. දිල්ලි කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක දෙකක් ලබාගැනීමට නායක ශ්‍රේයස් අයියර් සහ රිශ්බා පාන්ට් සමත් විය. පන්දු යැවීමේදී මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ට්‍රෙන්ට් බෝල්ට් සිය පන්දුවාර හතර තුලදී ලකුණු 30කට කඩුලු 03ක් දවා ගනු ලැබීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල මුම්බායි කණ්ඩායම පන්දු වාර 18.4 අවසානයේ කඩුළු 5ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසු කරමින් තරඟය ජය ගැනීමට සමත්විය.

මුම්බායි පිල වෙනුවෙන් නායක රෝහිත් ශර්මා ලකුණු 68ක් රැස් කළේය.

මෙවර IPL ශුරතාවලියේ අවසන් මහා තරඟයේ වීරයා ලෙස ට්‍රෙන්ට් බෝල්ට් නම් කෙරුණු අතර, තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට Rajasthan Royals කණ්ඩායමේ ජොෆ්රා ආචර් සමත් විය.

Exit mobile version