Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජ්‍ය සේවයේ සියලු පුරප්පාඩු පුරවන්න තීරණ කරයි… බඳවා ගැනීමේ බලය ආයෙත් අමාත්‍යාංශ ලේකම්වරුන්ට

තනාපතිවරුන් ඇතුළු ප්‍රධානීන් 7කු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය

තනාපතිවරුන් ඇතුළු ප්‍රධානීන් 7කු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය

රාජ්‍ය සේවයේ පවතින සියලු පුරප්පාඩු පිරවීමට රජය තීරණය කර ඇත. සියලු බඳවාගැනීම් අත්හිටුවමින් ඉකුත් පෙබරවාරි මස 21 වැනිදා නිකුත් කළ චක්‍රලේඛය අහෝසි කර ඇති මුදල් අමාත්‍යාංශය පුරප්පාඩු පිරවීමේ බලය අමාත්‍යාංශ ලේකම්වරුන්ට පවරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

කිසියම් ආයතනයක තනතුරු සඳහා පුරප්පාඩු පවතී නම් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ බඳවා ගැනීම් සිදුකළ යුතු බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල නිකුත් කර ඇති චක්‍රලේඛයේ සඳහන් වේ. සියලු බඳවා ගැනීම් සේවා ව්‍යවස්ථාවට අනුව සිදු කළ යුතු අතර අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදනද වෙන් කර ගත යුතුය.

ප්‍රාථමික සේවා ගණනයේ තනතුරු සඳහා අවශ්‍ය සේවක පිරිස් බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බළකා දෙපාර්තමේන්තුව මගින් ලබා දීමට තීරණය කර තිබේ. සෑම බඳවා ගැනීමක් පිළිබඳව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව සහ මුදල් කොමිසම ද දැනුවත් කළ යුතු බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

Exit mobile version