Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇල්ල – කිරිදි ඔය නිම්නයේ හෝටලයක් ඉදි කිරීමට යැයි පවසමින් විශාල භූමි ප්‍රදේශයක් ඩෝසර් කරයි

ඇල්ල - කිරිදි ඔය නිම්නයේ හෝටලයක් ඉදි කිරීමට යැයි පවසමින් විශාල භූමි ප්‍රදේශයක් ඩෝසර් කරයි

ඇල්ල - කිරිදි ඔය නිම්නයේ හෝටලයක් ඉදි කිරීමට යැයි පවසමින් විශාල භූමි ප්‍රදේශයක් ඩෝසර් කරයි

ඇල්ල රාවණා ඇල්ල අතර නිතර අධික ලෙස නාය යෑමට ලක්වෙන 16 කණුව ප්‍රදේශයේ පිහිටි කිරිදි ඔය නිම්නයේ හෝටලයක් ඉදි කිරීමට යැයි පවසමින් විශාල භූමි ප්‍රදේශයක් මේ දින වල ඩෝසර් කරන බව ගම්වාසීහු පවසනව.

පසුගිය දෙසැම්බර් මාසයේ දී ඇල්ල වැල්ලවාය මාර්ගයේ ඇල්ල 16 කණුව ප්‍රදේශයේ දී රාවණා කදුවැටිය නාය යෑමට ලක්වීමෙන් මාසයක් පමණ තිස්සේ මාර්ගය වසා තිබූ ප්‍රදේශයට පහළින් මෙම හෝටලය ඉදිකිරීමට භූමිය ඩෝසර් කරන බව ගම්වාසීන් පවසන අතර පුංචි සිරිපාදය ද මේ භුමියට ඉහළ කදු වැටියක පිහිටා තිබෙනවා .

ඇල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ඒ.ජේ ප්‍රියංගිකා මහත්මියගෙන් මේ පිළිබඳ විමසු විට ඇය පවසා ඇත්තේ මෙසේයි.

“මෙතන දැඩි බෑවුම් වගේම නිතර නාය යන ප්‍රදේශයක්. ව්‍යපාරික පුද්ගලයෙක් ඉදිකිරීමක් කරන්න භූමිය බැකෝ කරන බවට ගොවි ජන සේවා වගේම වෙනත් ආයතන වලින් හා මහ ජනතාවගෙන් මට පැමිණිලි ගොඩාක් ලැබුණා. සියලුම ආයතන සමඟ මම එතනට ගිහින් ඒකාබද්ධ පරීක්ෂණයක් සිදු කළා. අක්කර ගාණක් බැකෝ කරලා. විශාල පරිසර හානියක් බව අපිට පෙනී ගියා. අපි වැඩ නැවැත්තුවා. ගොඩනැගිලි ඉදිකිරීම් ආයතනය පරීක්ෂණයක් කළා. එතැන ඉතාම අවදානම් බවට මට වාර්තාව ලැබුණා. බැකෝ කරපු භූමිය නැවත තිබුණු විදියට ස්ථාවර කරන්න කියලා ඉඩම් හිමිකරුට දන්වා තිබෙනවා. ඔහු එය පිළිගත්තා. අක්කර 600 ක සින්නක්කර ඔප්පු තිබෙන බවට ඔහු අපිට ඔප්පුවක් පෙන්නුවා. මෙතන කිසිම ඉදිකිරීමක් කරන්න අපි ඉඩ දෙන්නේ නෑ.”

Exit mobile version