Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සටන් විරාමයෙන් පැය කිහිපයකට පසු ආමේනියාව සහ අසර්බයිජානය අතර යළි ගැටුම්

සටන් විරාමයෙන් පැය කිහිපයකට පසු ආමේනියාව සහ අසර්බයිජානය අතර යළි ගැටුම්

සටන් විරාමයෙන් පැය කිහිපයකට පසු ආමේනියාව සහ අසර්බයිජානය අතර යළි ගැටුම්

ආමේනියාව සහ අසර්බයිජානය අතර සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කිහිපයකට පසු ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වී තිබේ.

ආමේනියාව චෝදනා කරන්නේ, අසර්බයිජානය ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බවයි.ආමේනියාව, සිය භූමියට කාල තුවක්කු ප්‍රහාර එල්ල කළ බව අසර්බයිජානය පවසයි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ගත වූ පැය කිහිපය තුළ පිපිරීම් කිහිපයක් ම සිදුව ඇති බවය.මතභේදාත්මක නාගානෝ-කරබක් දේශසීමා ප්‍රදේශයේ හිමිකම් ගැටලුව මුල් කරගනිමින් මීට සති දෙකකට පමණ පෙර දෙරට අතර ගැටුම් ආරම්භ විය. ඒ හේතුවෙන් පුද්ගලයින් 300 කට අධික පිරිසක් මියගොස් තව ත් දහස් ගණනක් අවතැන් විය.

අනතුරුව දෙරට අතර සාම සාකච්ඡා ආරම්භ වූයේ, රුසියාවේ මැදිහත්වීමෙනි. ඒ අනුව පැය 10 ක පමණ සාකච්ඡාවකින් අනතුරුව ආමේනියාව සහ අසර්බයිජානය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙරුණි.

“මානුෂීය” හේතූන් මත සටන අත්හිටුවීම, සිරකරුවන් හුවමාරු කර ගැනීම මෙන්ම ගැටුම්වලදී මියගිය සොල්දාදුවන්ගේ සිරුරු හුවමාරු කර ගැනීමට දෙපාර්ශවයම එහිදී එකඟ විය.

එය, නිරීක්ෂණය කිරීමේ වගකීම රතු කුරුස සංවිධානයට පැවරුණි. මතභේදාත්මක නගානෝ -කරබක් ප්‍රදේශය පාලනය කරන්නේ වාර්ගික ආමේනියාවයි. එහෙත් එම ප්‍රදේශයේ නිල හිමිකම අසර්බයිජානය සතු වේ.

Exit mobile version