Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථාන කාර්යාල අලුයම විවෘත කිරීමේ යෝජනාවක්

ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථාන කාර්යාල

ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථාන කාර්යාල

දිවයිනේ ඇති සියලූම ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථාන කාර්යාලයන් අලුයම 5.30 ට විවෘත කිරීමට තීරණය කර තිබේ.

අළුයම 5.30 සිට සේවාලාභීන්හට වෛද්‍ය පරීක්ෂණය සඳහා සේවාව ලබා ගත හැකි බවත් වෛද්‍ය වාර්තාව පෙරවරු 7.30 සිට බෙදා හැරිය හැකි බවත් ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානභාර වෛද්‍ය එස්.කේ. ගමගේ මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතිය කුරුණෑගල, පුත්තලම, මහනුවර, අනුරාධපුරය සහ නුගෙගොඩ යන කාර්යාලවල දියත් කර ඇති අතර, ඉදිරි මාස දෙක තුළ රට පුරා මෙය ක්‍රියාත්මක කෙරේ.

මේ අතර, හැටන් සහ හලාවත යන නගරවල ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථාන දෙකක් පිහිටුවීමට පියවර ගෙන ඇති බවත්, ඉදිරි මාස දෙක ඇතුළත මහනුවර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇති කාර්යාලයන් සියලු පහසුකම් සහිත ස්ථාන වෙත ගෙන යාමට සැලසුම් කර ඇති බවත් ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයේ සභාපති වෛද්‍ය එස්. ගමගේ මහතා තවදුරටත් පැවසීය.

Exit mobile version