Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආර්මේනියාව සහ අසර්බයිජානය අතර ගැටුමෙන් සිවිල් වැසියන් ඇතුළු 100 ක් මියයයි.

ආර්මේනියාව- අසර්බයිජානය අතර ගැටුමෙන් සිවිල් වැසියන් ඇතුළු 100 ක් මියයයි

ආර්මේනියාව- අසර්බයිජානය අතර ගැටුමෙන් සිවිල් වැසියන් ඇතුළු 100 ක් මියයයි

ආර්මේනියානු සහ අසර්බයිජානය හමුදා අතර ඇති වූ ගැටුම්වලින් සිවිල් වැසියන් 100 දෙනෙකු මිය ගොස් තිබේ.

ජනරජයක් ලෙස ස්වයං පාලනයක් ප්‍රකාශිත නාගෝර්නෝ-කරබාක් කලාපයේ පසුගිය ඉරිදා සිට හමුදා භටයන් 84 දෙනෙකු මිය ගිය බව වාර්තා වේ. ඊට අමතරව ගැටුම් අතරතුර සිවිල් වැසියන්ද මිය ගොස් ඇත.

තම හමුදා සෙබලුන්ගේ මරණ සංඛ්‍යාව පිළිබඳව අසර්බයිජානු හමුදාව මෙතෙක් අදහස් දක්වා නොමැත. කෙසේ වෙතත්, ඔවුන්ගේ රටේ සිවිල් වැසියන් 7 දෙනෙකු මිය ගිය බව දැනටමත් නිවේදනය කර තිබුණි.

ආර්මේනියානු-අසර්බයිජානය හමුදා අතර ගැටුම ආරම්භ වූයේ දින තුනකට පෙරය. මේ අතර, ආර්මේනියානු ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ නැගෙනහිර ආර්මේනියානු නගරයක් වන වර්ඩනිස් හි අසර්බයිජානු හමුදා විසින් මගී බස් රථයකට ඩ්‍රෝනා ප්‍රහාරයක් එල්ල කළ බවයි. නමුත් කිසිදු මරණයක් වාර්තා වී නොමැත.

මතභේදාත්මක නාගෝර්නෝ-කරබාක් කලාපය සම්බන්ධයෙන් දෙරට අතර ගැටුම් උත්සන්න වී තිබේ. කඳුකර කලාපය ජාත්‍යන්තර ප්‍රජාව විසින් අසර්බයිජානයට අයත් යැයි පිළිගෙන තිබුණද, ආර්මේනියාව එය පාලනය කළේ 1994 වර්ශයේ යුද්ධය අවසන් වූ දා සිට ය.

Exit mobile version