Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලබන වසරේ සිට ‘ලන්ච් ෂීට්’ භාවිතය සම්පූර්ණයෙන් අත්හිටුවයි – අමාත්‍ය මහින්ද අමරවීර

ගොවීන්ට කරපු අසාධාරණය නිසයි මේ ශාපය; ඩොලර් එවන්නේ නැත්තේ ඩොලර්වලිනුත් හොරකම් කරයි කියලා - මහින්ද අමරවීර

ගොවීන්ට කරපු අසාධාරණය නිසයි මේ ශාපය; ඩොලර් එවන්නේ නැත්තේ ඩොලර්වලිනුත් හොරකම් කරයි කියලා - මහින්ද අමරවීර

ලබන වසරේ සිට ‘ලන්ච් ෂීට්’ භාවිතය සම්පූර්ණයෙන් අත්හිටුවන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි. එමෙන්ම, ඉදිරියේ දී පරිසරය විනාශය අවම කිරීමෙන් සැකසූ නව නීති රීති ඇතුළත් ගැසට් නිවේදන කිහිපයකට ම තමන් අත්සන් තබා ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, හම්බන්තොට ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ය. එසේම ඉදිරියේ දී නිමි ඇඳුම් ආනයනය ද සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍ය මහින්ද අමරවීම එහිදී සඳහන් කළේ ය. නිමි ඇඳුම් රට තුළම නිෂ්පාදනය කිරීම තුළින් රටේ පේෂ කර්මාන්තය දියුණු කිරීම එම තීරණයේ අරමුණ බව ද මහින්ද අමරවීර අමාත්‍යවරයා පැහැදිලි කළේ ය.

රටක් ඇතැම් වැදගත් තීරණ ගැනීමට යාමේ දී එක්වරම ඇතිවන හැඟීම හෝ දේශපාලන මතය අනුව අදාළ කටයුතු අසාර්ථක බවත්, ඇතැම් විටෙක ප්‍රායෝගිකභාවයක් නොමැති බවටත් චෝදනා කිරීමට මෙරට අතැමුන් කටයුතු කරනු ලබන බව පෙනී යයි. එහි දී මෙවැනි තීරණයක් ගැන සඳහන් කළ පමණින්ම ඒවා විවේචනය කිරීමට ඇතැමුන් කටයුතු කරයි. එහෙත් මෙවැනි තීරණ සඳහා පුරවැසියන් ලෙස සහය දීම කළ යුතු වන අතර කූඨ ව්‍යාපාරිකයින්ගේ උගුල්වලට රැවටී වටිනා තීරණ විචේනය කිරීම නොකළ යුතු ය.

Exit mobile version