Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලාංකික ජනතාවට ජනපතිගෙන් සුභාශිංෂණ

දැන් මොකටද කළු කොඩි දාන්නේ? – ජනාධිපති ගෝටාබය රාජපක්ෂ

දැන් මොකටද කළු කොඩි දාන්නේ? – ජනාධිපති ගෝටාබය රාජපක්ෂ

කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දුන් රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත් වූයේ නිසි සම්පත් කළමනාකරණය සහ සෞඛ්‍ය, ආරක්ෂක සහ අනෙකුත් අංශවල කැපවීම මත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ෆේස්බුක් ඔස්සේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මෙම ජයග්‍රහණය වෙනුවෙන් එම නිලධාරීන්ට මෙන්ම සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට තමන්ගේ සුභාශිංෂණය එක් කරන බවයි.

චීනයේ ඉකායි ග්ලෝබල් ආයතනය විසින් සිදුකළ සමීක්ෂණ වාර්තාවට අනුව කොවිඩ් 19 මර්දන ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකාව පසුගියදා දෙවන ස්ථානයට පත්වුණා.

රටවල් 108ක් යොදා ගෙන මෙම සමීක්ෂණය සිදුකර තිබෙනවා.

එම සමීක්ෂණය අනුව කොවිඩ් සාර්ථකව පාලනය කිරීමට සමත් වූ ප්‍රමුඛ රටවල් 10 වන්නේ චීනය, ශ්‍රී ලංකාව, දකුණු කොරියාව, මියන්මාරය, ඕස්ට්‍රේලියාව, තායිලන්තය, නවසීලන්තය, වියට්නාමය, කාම්බෝජය සහ ගානා රාජ්‍යයයි.

Exit mobile version