Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(Video) වනාතවිල්ලු: සිමෙන්ති සංස්ථාව INSEE එකට බදු දුන් ඉඩම් පවුල් 500 අනවසරයෙන් අල්ලගෙන

වනාතවිල්ලු - සිමෙන්ති සංස්ථාව - INSEE

වනාතවිල්ලු - සිමෙන්ති සංස්ථාව - INSEE

සිමෙන්ති සංස්ථාව විසින් ඉන්සී සිමෙන්ති සමාගමට බදු දී ඇති වනාතවිල්ලුවේ අරුවක්කාරු ප්‍රදේශයේ රජයේ ඉඩම් අක්කර පන්දසකට අධික ප්‍රමාණයේ 500 කට ආසන්න පිරිසක් අනවසරයෙන් පදිංචිව ඇතැයි විශ්වාස කරන බව ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති නීතිඥ ගාමිණි ඒකනායක මහතා ප්‍රකාශ කරයි.

ඔවුන් සියලු දෙනා ඉවත් කිරීමට නීතිමය පියවර ගන්නා බවත් යළිත් කිසිවෙකුටත් අනවසරයෙන් එසේ පදිංචි වීමට නොහැකිවන පරිදි වැඩපිළිවෙලක් සකස් කරන බවත් ඒකනායක මහතා කියා සිටියේය. රජයේ ඉඩම් අත් පත් කරගැනීමේ පනත යටතේ මහෙස්ත්‍රාත් උසාවියේ නඩුවක් පැවැරීමෙන් මෙම අනවසර පිරිස් ඉවත් කළ හැකි වනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
ඉදිරියේ දී යම් අනවසර ඉදිකිරීමක් කරන අවස්ථාවක ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වීම එම කමිටුව විසින් කරනු ඇතැයි ඒකනායක මහතා තවදුරටත් කියා සිටියේය. සිමෙන්ති සංස්ථාවේ සභාපතිවරයා මේ අදහස් පළ කළේ මධ්‍යම පරිසර අධිකාරියේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Exit mobile version