Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අන්තර්ජාතික ජීවවිද්‍යා තරගාවලියෙන් ශ්‍රී ලංකාවට පදක්කම් 3ක්

අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් 2020 තරගාවලි

අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් 2020 තරගාවලි

අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් 2020 තරගාවලියේදී ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් ලෝකඩ පදක්කම් තුනක් සහ සම්මාන සහතිකයක් හිමිකරගෙන ඇත.

යාපනය හින්දු විද්‍යාලයේ අභිනන්දන් අරුලන්තම්, නුගේගොඩ ලයිසියම් අන්තර්ජාතික පාසලේ සයුනි මලවිගේ සහ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ නිරූෂි ධනපාල යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙහිදී ලෝකඩ පදක්කම් දිනාගත් අතර විශේෂ කුසලතා සහතිකයක් දිනාගනු ලැබුවේ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සමිති මුණසිංහ ශිෂ්‍යාවයි.
මෙවර ජීවවිද්‍යා ඔලිම්පියාඞ් තරගාවලියට රටවල් 62 ක සිසු සිසුවියෝ සහභාගි වී සිටියහ. මෙම තරඟාවලිය මුලින් ජපානයේ හිරෝෂිමා නගරයේ පැවැත්වීමට සූදානම් කර තිබුණද කොවිඞ් 19 වසංගත තත්ත්වය නිසා එය අන්තර්ජාල විභාගයක් ලෙස පැවැත්වුණු බව ජාත්‍යන්තර ඔලිම්පියාඞ් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් නායකයෙක් ලෙස සහභාගී වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හිරාන් අමරසේකර මහතා පැවසීය.
ඒ අනුව ජපානයෙන් ලබාදුන් උපදෙස් අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට අගෝස්තු 11-12 දිනවල ශ්‍රී ලාංකික සිසු කණ්ඩායමක් ද මෙම තරඟයම සම්බන්ධ වූ බව මහාචාර්යවරයා සඳහන් කළේය.

Exit mobile version