Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දේශපාලන පක්ෂ 160ක් අළුතින් ලියාපදිංචි වීමට ඉල්ලුම් කරයි..

රු. එක්කෝටි විසි අට ලක්ෂයක් පමණ වටිනා භාණ්ඩ විනාශ වීමට ඉඩහැරලා

රු. එක්කෝටි විසි අට ලක්ෂයක් පමණ වටිනා භාණ්ඩ විනාශ වීමට ඉඩහැරලා

දේශපාලන පක්ෂ 160ක් අළුතින් ලියාපදිංචි වීම සඳහා මැතිවරණ කොමිසමට ඉල්ලුම් කර ඇති අතර ඒ සම්බන්ධ සමාලෝනයන් ආරම්භ කර තිබේ.

මේ වන විට පක්ෂ 79 ක් ලියාපදිංචි වී ඇති අතර එකවර තවත් පක්ෂ ලියාපදිංචි වීම සිදුවන්නේ මෙවර වීම විශේෂත්වයකි.

නව පක්ෂ ලියාපදිංචිය සඳහා පාර්ශ්වයන් 160 ක් ඉල්ලුම් කර ඇති තත්වයක මැතිවරණ දැනුම් දීම සිදුවිය. මෙනිසා අළුත් පක්ෂ සඳහා අනුමැතිය ලබා දීමේ ක්‍රියාවලිය නතර විය. මැතිවරණය අවසන් වී ඇති බැවින් නව පක්ෂ ලියාපදිංචි කිරීම අනුමත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.

මෙතෙක් ඉල්ලුම් කර ඇති පක්ෂ 160 ක ආකෘති සලකා බලා ඇති අතර පක්ෂ 40 ක අයදුම්පත් ප්‍රතික්ෂේප කර ඇත. ඉතිරි අයදුම්පත් 120 සම්බන්ධ වැඩකටයුතු සඳහා සතියක කාලයක් ගතවනු ඇතැයි ප්‍රකාශ කර ඇත.

Exit mobile version