Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක හැප්පෙන්න හදන ලාංකීය කාන්තාව – රෝහිණී කොසොග්ලු

රෝහිණී කොසොග්ලු - rohini kosoglu

රෝහිණී කොසොග්ලු - rohini kosoglu

රෝහිණී කොසොග්ලු – rohini kosoglu

රෝහිණී කොසොග්ලු, ඇමරිකා එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන්ගේ උප ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානීවරියයි. ඇය ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවක්.

ඇගේ මව්පියන් වන වෛද්‍ය විජයදේවේන්ද්‍රම් රවීන්ද්‍රන් සහ ශෝබනා 1980 දශකයේදී ශ්‍රී ලංකාවේ යාපනයෙන් එක්සත් ජනපදයට සංක්‍රමණය විය.

කමලා හැරිස් එක්සත් ජනපද උප ජනාධිපති අපේක්ෂිකාවක වීමේ අවස්ථාව ලද පළමු ආසියාතික සම්භවයක් ඇති කාන්තාව මෙන් ම සුදු ජාතික නොවන කාන්තාව ද වේ.පළපුරුදු දේශපාලන කාර්යමණ්ඩල නිලධාරිනියක වන රෝහිණී කොසොග්ලු 2018දී සෙනෙට් සභික කමලා හැරිස්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට පත් වුණා.

රෝහිණී කොසොග්ලු මිචිගන් හා ජෝර්ජ් වොෂින්ටන් විශ්වවිද්‍යාලවල උපාධිධාරිනියක වන අතර හාවඩ් කෙනඩි පාසලේ දේශපාලන විද්‍යායතනයේ රෙසිඩන්ට් ෆෙලෝ නාමධාරිනියකි.

එක්සත් ජනපද ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2020 නොවැම්බර් 3දා ය. රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරග කරන ජෝ බයිඩන් ජයගැනීමේ ඉඩක් ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පවසයි.
-dinamina-

Exit mobile version