Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉරානයට එරෙහි සම්බාධක තවදුරටත් දීර්ඝ කරන ලෙස එක්සත් ජාතීන් ඉල්ලා සිටී!

ඉරානයට එරෙහි සම්බාධක

ඉරානයට එරෙහි සම්බාධක

න්‍යෂ්ටික බලශක්ති ගිවිසුමෙහි සඳහන් පරිදි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට පනවා ඇති ආයුධ සම්බාධකය ලබන ඔක්තෝම්බර් මාසයේදී අවසන් වීමට නියමිතව ඇති අවස්ථාවක, ඉරානයට පනවා ඇති එම ආයුධ සම්බාධකය දීර්ඝ කරන ලෙස ගල්ෆ් රාජ්‍යයන් හයක් විසින් ඉල්ලා තිබේ.

එබැවින් ඉරානයට පනවා ඇති එම තහනම දීර්ඝ කරන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා සිටීමට ඇමරිකා එක්සත් ජනපදය සැලසුම් කර ඇත.

මේ සම්බන්ධයෙන් සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ඕමානය, කුවේට් සහ බහරේනය ඇතුලු ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිඛිතව ඉල්ලුම් කර ඇත.
ඉරානය යුධ ගුවන් යානා, යුද ටැංකි සහ යුද නැව් වැනි විදේශීය නිෂ්පාදිත ආයුධ මිලදී ගැනීම වලක්වන ආයුධ සම්බාධකය දීර්ඝ කිරීම සඳහා එකී රටවල් හය සහයෝගය පළ කර තිබේ.

ඉරානය අසල්වැසි රටවල සන්නද්ධ මැදිහත්වීම නතර කර නැත. සෘජුවම හා ඉරානය විසින් පුහුණු කරන ලද සන්නද්ධ කණ්ඩායම් හරහාද ආයුධ ජාවාරමට සම්බන්ධවී ඇත. සෞදි අරාබිය යේමනයේ හූදි කැරලිකරුවන්ට එරෙහිව සටන් කරමින් සිටින අතර ඉරානය හූදි කැරලිකරුවන්ට ආයුධ සපයමින් සිටින බව පවසා ඇත .

මේ අතර ඉරානය ගල්ෆ් රටවල මෙම පියවර දැඩි ලෙස හෙළා දැක තිබේ. ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක අබ්බාස් මූසාවි පැවසුවේ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ ලිපිය “ඇමරිකා එක්සත් ජනපදයේ අවශ්‍යතා වෙනුවෙන් වගකීම් විරහිත ක්‍රියාවක්” බවයි.

Exit mobile version