Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අරක්කු – සිගරට් – බියර්වලට අපේ රටේ ජනතාව දවසකට කෝටි 97ක් වැය කරනවා..

අරක්කු - සිගරට් - බියර්

අරක්කු - සිගරට් - බියර්

අරක්කු – සිගරට් – බියර්වලට අපේ රටේ ජනතාව දවසකට කෝටි 97ක් වැය කරනවා – මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය.

අපේ රටේ ජනතාව දිනකට කෝටි 38ක් සිගරට් සඳහා ද, කෝටි 59ක් අරක්කු සහ බියර් සඳහා ද වියදම් කරන බවත්, මද්‍යසාර භාවිතයෙන් වසරකට 35000කට අධික පිරිසක් මරණයටද, ගංජා හෙරොයින් භාවිතයෙන් විශාල පිරිසක් මානසික රෝගීන් බවටද පත් වන බව ADIC ආයතනය ( මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය) සඳහන් කරයි.

අලුතින් පාර්ලිමේන්තුවට තෝරා පත්කරනු ලැබු මහජන නියෝජිතයින් විසින් මත්පැන් මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතය පිටු දකින හා එවැනි ක්‍රියාවලියකට එකඟත්වය ලබා ගැනීමට ADIC ආයතනය (මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය) තීරණය කර තිබේ.

2016 දී පාර්ලිමේන්තුව විසිස් අනුමත කරන ලද මද්‍යසාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම, ජාත්‍යන්තර දුම්කොළ සමාගම්වල උත්සාහයක් වන ගංජා නීතිගත කිරීම ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට ඉඩ නොදීම, දුම්කොළ හා මද්‍යසාර පනතට යෝජනා කර ඇති සංශෝධන සම්මත කිරීම, හෙරොයින් හා මත්ද්‍රව්‍ය සඳහා පවතින නීති නිසි ලෙස ක්‍රියාවේ යෙදවීම, දුම්කොළ සමාගම්වල බදු අය කර ගැනීමට ප්‍රමුඛතාව දැක්වීම, තනි සිගරට් අලෙවිය තහනම හා අධ්‍යාපන ආයතන සිට මීටර් 100ක් ඇතුළත දුම්වැටි අලෙවිය තහනම, සම්මත ඇසුරුම්කරණය ආදී යෝජනා ඒ අතර ඇති බව එහි විධායක අධ්‍යක්ෂ පුබුදු සුමනසේකර මහතා ප්‍රකාශ කර ඇත.

Exit mobile version