Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙවර පැවැත්වූයේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් නොවේ – සම්බන්දන් දොස් නගයි

ආර්. සම්බන්දන්

ආර්. සම්බන්දන්

මෙවර පැවැත්වූ යේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් ලෙස තමා සලකන්නේ නැති බවත්,ජනතාවට මුදල් ආධාර හා මත්පැන් ලබා දී ආණ්ඩු පක්ෂය ආසන දිනා ගත් බවට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා දෝෂාරෝපණය කර ඇත.

පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආසන 9 ක් දිනාගත් දෙමළ ජාතික සන්ධාන පක්ෂ නායක සම්බන්දන් මහතා විසින් සිකුරාදා දින ත්‍රිකුණාමලය ශ්‍රී බද්‍රකාලි අම්බාල් දේවාලයෙහි පැවැත්වු විශේෂ දේව මෙහෙයට සහභාගී වූ අවස්ථාවේදී මාධ්‍යවලට මෙසේ අදහස් දක්වමින් පවසා ඇත.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු,

“කුඩා දෙමළ පක්ෂ බොහෝමයක් තරඟ කර දෙමළ ජනයාගේ ඡන්ද බෙදා වෙන් කර ඇති බැවින් ආසන 20 ක් බලාපොරොත්තු වූවද ආසන 9 ක් පමණක් ලබා ජයගෙන ඇත්තෙමු. මේ සඳහා දායක වූ සියල්ලන්ටම ස්තූතියි ප්‍රකාශ කළේය.

තවද රට තුළ ස්ථිර සාමයක් ඇති කිරීම සඳහා යුක්තිගරුක හා ගෞරවාන්විත පුරවැසියෙක් ලෙස ජීවත් වීම සඳහා විසඳුම් ලබා දිය යුතු බවද එම අදහසයි අපි දැඩිව සිටින බවද,

එමෙන්ම ආණ්ඩුව පිහිටුවන රජයේ ස්ථාවරය ගෙන, අපගේ අරමුණ ලඟා කර ගන්නෙමු. මේ සඳහා ඉන්දියාවේ දායකත්වය තවදුරටත් ලැබෙන ඇතැයි මා සිතමි. ඒ සඳහා වන කාර්යන් ඵලදායි ලෙස අප ඉදිරියටත් කර ගෙන යනවා.”

-තිනක්කුරල්

Exit mobile version