Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෙබනන බේරුට් නුවර දෙදරවූ පිපිරීම, ලාංකිකයින් කිසිවෙකුටත් අනතුරක් නොමැත ..

ලෙබනන බේරුට් නුවර දෙදරවූ පිපිරීම

ලෙබනන බේරුට් නුවර දෙදරවූ පිපිරීම

අවම වශයෙන් පුද්ගලයින් 78 දෙනෙකුවත් මරණයට පත් කරමින් සහ තවත් 4,000ට වැඩි පිරිසකට තුවාල සිදුකරමින් බේරූට් අගනුවර අඟහරුවාදා (අගෝස්තු 04) සිදුවූ පිපිරීමෙන් අනතුරුව ලෙබනනය ඒ සම්බන්ධයෙන් වැළපෙමින් සිටී.

වරාය ආශ්‍රිතව හටගත් ගින්නකින් අනතුරුව විශාල හත්තක ආකාරයේ වළාවක් මතු කරමින් සිදු වූ පිපිරීමෙන් බේරූට් නගරය දෙදරුම් කැවිණි.පිපිරීම අසල්වැසි සයිප්‍රසයට පවා ඇසුණු බව වාර්තා වෙයි.

ජනාධිපති මීෂෙල් අවුන් පැවසුවේ අදාළ ප්‍රදේශයේ ගුදමක් තුළ ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,750 ක් ඉතා අනාරක්ෂිතව වසර හයක කාලයක් පුරා ගබඩා කර තිබී ඇති බවය.බදාදා සිට ලෙබනනය තුළ දින තුනක ශෝක කාලයක් ක්‍රියාත්මක කෙරේ.

හදිසි අරමුදලක් වෙනුවෙන් ආණ්ඩුව ලීරා බිලියන 100 ක් (ඩොලර් මිලියන 66) නිකුත් කරනු ඇති බව ජනාධිපතිවරයා නිවේදනය කළේය.

ශ්‍රී ලාංකිකයින් 25,000 ක් පමණ ලෙබනනයේ වාසය කරති. ඒ කිසිවෙකුටත් අනතුරක් වී ඇති බවක් මෙතෙක් වාර්තා වී නොමැත.


-bbc සිංහල ඇසුරෙන්

Exit mobile version