Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු ලබා දීම සඳහා අද සිට ක්‍රියාත්මක වෙන හදිසි ඇමතුම් අංකය ..

හදිසි ඇමතුම් අංකය

හදිසි ඇමතුම් අංකය

විෂ මත්ද්‍රව්‍ය හෝ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු ලබා දීම සඳහා පොලිස් මූලස්ථානය විසින් මහජනතාව වෙත හදිසි ඇමතුම් අංක දෙකක් හඳුන්වා දී ඇත.

එම දුරකථන අංක දෙක වනුයේ, 1997 සහ 1917 ය.

1997 – මෙම දුරකථන අංකයට, විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ හෝ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැනුම් දිය හැකි ය.

1917 – මෙම දුරකථන අංකයට, අපරාධ කල්ලි සම්බන්ධයෙන් සහ තවත් තොරතුරු ලබා දීම සඳහා හඳුන්වා දී ඇත.

මෙම දුරකථන අංක අද සිට ක්‍රියාත්මක වන අතර එම ඇමතුම් පොලිස් මූලස්ථානයේ රහස් ඒකකයක් විසින් පාලනය කරනු ලබයි.

ඊයේ පස්වරුවේ පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මේ බව සඳහන් කළේ ය.

Exit mobile version