Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එක්සත් ජනපදය ඉවත්ව යයි…

WHO vs USA

WHO vs USA

ලබන වසරේ ජූලි 6 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එක්සත් ජනපදය ඉවත් වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊයේ ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් වූ දැන්වීම එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ලැබුණු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කළේය.

කොවිඩ් – 19 වසංගතය ව්‍යාප්ත වීමේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ අත කොලුවක් බවට පත් වූ බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර තිබේ.

මසකට පෙර අදාළ තීන්දුව දැනුම් දුන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එක්සත් ජනපදය ඉවත් වීමට වසරකට පෙර දැනුම් දිය යුතු බවත්, වර්ෂ 1948 එක්සත් ජනපද කොංග්‍රසයේ තීන්දුව අනුව එක්සත් ජනපදය සියළු හිඟ මුදල් ගෙවිය යුතු බවත් ප්‍රකාශ කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇස්තමේන්තුගත ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් ගෙවිය යුතු බව සඳහන් වේ.

ඇමරිකාවේ මේ වසරේ නොවැම්බර් මස පැවැත්වීමට නියමිත ජනාධිපති මැතිවරණයේ දී , තම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂකයා වන එක්සත් ජනපදයේ හිටපු උප ජනාධිපති ජෝ බිඩෙන් විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව පරාජය කළහොත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගනු ලැබූ මෙම තීන්දුව බල රහිත කළ හැක.

ට්‍රම්ප් 194 සාමාජික සංවිධානය සඳහා අරමුදල් සැපයීම අප්‍රේල් මාසයේදී නතර කර ඇති අතර, පසුව මැයි 18 වන දින ලිපියක් මගින් ලෝක සෞඛ්‍ය සංවිධානයට ප්‍රතිසංස්කරණ සඳහා කැපවීමට දින 30 ක කාලයක් ලබා දී තිබුණි.

Exit mobile version