Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෝනේස්වරම් කෝවිල, ගෝකණ්ණ විහාරය ලෙස වෙනස් වේ යැයි බියෙන් පසුවන දෙමළ ජනයා!

Koneswaram Gokanna

“ත්‍රිකුණාමලයේ පිහිටි ශිව දෙවියන්ගේ භූමිය වන කෝනේස්වරම් කෝවිල, ගෝකන්න විහාරය ලෙස ද හඳුන්වනු ලබයි. මේ සඳහා අප කෝවිල කඩා විහාරයක් හදන්නේ නැත. නමුත්, ඒ ප්‍රදේශයේ බෞද්ධයන්ට අයත් පුරාවස්තු තිබුණහොත් එය ආරක්ෂා කළ යුතුයි”
යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද කාර්ය සාධන බලකායේ සාමාජිකයෙක් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන එල්ලාවල මේධානන්ද හිමියන් පවසයි.

රාවණා රජු ශ්‍රී ලංකාව පාලනය කළ බවට වූ මිත්‍යාව ගැන සඳහන් කළ මේධානන්ද හිමියන්, හින්දු අයගේ පූජනීය ස්ථානයක් වන කෝනේස්වරම් කෝවිල ගෝකන්න විහාරය ලෙස ප්‍රකාශ කර තිබේ.

ගෝකන්න විහාරය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලෙහි පිහිටි පුරාණ බෞද්ධ විහාරස්ථානයකි.මහාවංශය, චූලවංශය වැනි පුරාණ මූලාශ්‍රයන්ට අනූව මහසෙන් රජු විසින් තුන්වන සියවසේදී ගෝකන්න විහාරය ඉදිකිර තිබේ.දැනටමත් බොද්ධ ජනතාව විසින් වන්දනා මාන කරන ගෝකන්න විහාරය කෝනේස්වරම් කෝවිලට මීටර් 750 පමණ දුරින් පිහිටා ඇත.


මේ සම්බන්දව උන්වහන්සේ වැඩි දුරටත් ප්‍රකාශ කළේ, නැගෙනහිර පළාතේ මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය වැනි පුරාවිද්‍යා සමීක්ෂණ පවත්වනු ලබන ස්ථානයන් 2000ක් ඇති අතර, මේවා ජාතික උරුමයන් බවයි.

මෙය හැකි ඉක්මනින් කර අවසන් කළ යුතු බවත්, විශේෂයෙන්ම පොළොන්නරුවේ පිහිටි ශිව දේවාලය අපගේ නොවුණත් අපි එය ආරක්ෂා කරන බවත් එතුමාණන් පැවසූහ.
-jvpnews-

Exit mobile version