Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බෞද්ධ භික්ෂූන්ට ඡන්දය දෙන්න එපා! – මහානායක හිමිවරු ඉල්ලීමක්…

මහා මැතිවරණයට තරඟ කරන කිසිඳු බෞද්ධ භික්ෂුවක් වෙත තම ඡන්දය ප්‍රකාශ නොකරන ලෙස මහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැන්ගුණවැවේ ධම්මරතන හිමි බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ආණ්ඩුවට එක්වීම සඳහා පාර්ලිමේන්තුවට යාම නොව, පාලකයින්ට අර්ථයෙන්, ධර්මයෙන් උපදෙස් දීම බෞද්ධ භික්ෂූන්ගේ වගකීම වන බව උන්වහන්සේ පෙන්වා දෙයි.

ඉදිරියේ එන මහා මැතිවරණයේ දී බෞද්ධ භික්ෂූන් වහන්සේලාව අපේක්ෂකයන් වශයෙන් හෝ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් වශයෙන් හෝ එක් නොකරගන්නා ලෙස මහානායක හිමිවරු, සියළුම පක්ෂවලින් ඉල්ලීමක් කර තිබේ.

මේ නිසා, සමහර භික්ෂූන් වහන්සේලා පෞද්ගලිකව පක්ෂ පිහිටුවා ගනිමින් මහා මැතිවරණයට තරඟ කරයි. ඔවුන්ගේ මෙම ක්‍රියාව මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම අගෞරවයට පාත්‍ර වන සහ නොසලකා හරින ලද ක්‍රියාවකි.

 

Exit mobile version