Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තරඟ පාවාදීමේ චෝදනාව ගැන මහේලගෙන් තිලංගට සැර උත්තරයක්

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ලෝක කුසලාන තරඟ පාවාදීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට ක්‍රීඩකයින් අනවශ්‍ය ලෙස කලබල වීමට අවශ්‍ය නොවන බව හිටපු මන්ත්‍රී තිලංග සුමතිපාල පවසනවා.

ඔහු ඒ බව සඳහන් කළේ පසුගියදා මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ මෙලෙසින්,

“තරඟ පාවා දීමේ සිද්ධියට සම්බන්ධ නැත්නම් ඇයි මේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් කලබල වෙලා ට්විටර් සටහන් තබන්නේ. ඇයි ඔවුන් මේ තොප්පිය දාගන්න හදන්නේ”

කෙසේ වෙතත් තිලංග සුමතිපාලගේ එම ප්‍රකාශයට මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුම ඔස්සේ පිළිතුරු ලබාදී තිබුණා.

“මට කණගාටුයි. ඊළඟ වතාවේ තොප්පිය පැළදීමට පෙර සහ ප්‍රතිචාර දැක්වීමට පෙර ඔහුගෙන් විමසා බැලීමට අප කටයුතු කරන්නම්. මන්ද ඔහුට ඒ විෂය පිළිබඳ විශාල අත්දැකීම් ඇති නිසා”

Exit mobile version