’දිට්වා’ චණ්ඩ මාරුතයෙන් පසු උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට!
’දිට්වා’ (Ditwah) චණ්ඩ මාරුතයේ බලපෑම හේතුවෙන් මාස 10ක පමණ කාලයක් තිස්සේ අත්හිටුවා තිබූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය, කොළඹ කොටුවේ සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා අද (02) සිට නැවත ආරම්භ විය.
දිට්වා චණ්ඩ මාරුතයෙන් පසුව, රඹුක්කන, මහනුවර සහ බදුල්ල අතර උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදුවිය.
ඒ අනුව, ඊයේ දිනය දක්වා රඹුක්කන දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා වී තිබූ දුම්රිය ධාවනය අද සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දීර්ඝ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.
අද උදෑසන 5:55ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ‘පොඩි මැණිකේ’ දුම්රිය ගමන් ආරම්භ කළේය. කෙසේ වෙතත්, මෙය අත්හදා බැලීමේ (Trial) ධාවනයක් ලෙස ක්රියාත්මක වූ බැවින් මගීන්ට ඒ සඳහා ගමන් කිරීමට අවසර ලබා දී නොතිබුණි.
ප්රවාහන අමාත්ය බිමල් රත්නායක මහතා, දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ ප්රවාහන අමාත්යාංශයේ නිලධාරීන් සමඟ රඹුක්කන දුම්රිය ස්ථානයේ සිට මෙම දුම්රියෙන් ගමන් කළහ.
දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමට දායක වූ ඉංජිනේරුවන් සහ සේවකයින් ද මෙම අත්හදා බැලීමේ දුම්රියෙන් ගමන් කර ඇත.
පේරාදෙණිය දුම්රිය ස්ථානය වෙත පැමිණි දුම්රිය පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් ද එහිදී පවත්වන ලදී.
’පොඩි මැණිකේ’ දුම්රිය පේරාදෙණියේ සිට ගම්පොළ දුම්රිය ස්ථානය දක්වා සිය ගමන තවදුරටත් ඉදිරියට යාමට නියමිතව තිබුණි.
