සැප්තැම්බර් 30 වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් ට්රිලියන 2 ඉක්මවයි
2026 වසරේ සැප්තැම්බර් 30 වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්රිලියන 2 සීමාව ඉක්මවා යෑමට සමත් වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව, 2026 ජනවාරි 01 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ එක්රැස් කර ඇති සමස්ත දෙපාර්තමේන්තු ආදායම රුපියල් බිලියන 2,042ක් ලෙස වාර්තා වී ඇත. 2025 වසරේ එනම් පෙර වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ රුපියල් බිලියන 1,644ක ආදායම හා සැසඳීමේදී මෙය රුපියල් බිලියන 398ක සැලකිය යුතු වැඩිවීමකි.
2026 වසර සඳහා අදාළ වාර්ෂික ආදායම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 2,401ක් වන අතර, සැප්තැම්බර් 30 වන විට එම වාර්ෂික ඇස්තමේන්තුවෙන් 85%ක් සපුරා ගැනීමට ද දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.
එසේම, 2026 සැප්තැම්බර් මාසය තුළ පමණක් රුපියල් බිලියන 288ක ආදායමක් රැස්කර ඇති අතර, 2025 සැප්තැම්බර් මාසයේ රුපියල් බිලියන 216ක ආදායම හා සැසඳීමේදී එය රුපියල් බිලියන 72ක වර්ධනයකි.
2026 වසරේ මුල් භාගය තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලද ආදායම් ප්රගතිය මඟින්, පවතින ආදායම් ඉලක්ක සපුරා ගැනීමට මෙම දක්වා ලබා ඇති ප්රගතිය පැහැදිලිව පෙන්නුම් කරයි. බදු ගෙවන්නන් විසින් කැපවීමෙන් සිදුකරන ලද බදු ගෙවීම් ද මෙම සාර්ථකත්වයට සෘජුවම හේතු වී ඇති බව ද සඳහන් වේ.
